ඔබව සාදරයෙන් පිළිගනිමි

විජේ මල්ලිගේ ගබඩාව ඔබව සාදරයෙන් පිළිගනිමි!!! ---wijemalli.blogspot.com---

Chat

සොයන්න

Glrls vs Boys....



                                    ගැහැනු වාහන එලවන්න ගියාම ඇතැම් අවස්ථාවල නාගන්නා නා ගැනීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ කියල හිතනවා..ඔය කොළඹ රටේ ඉන්න නෝනලා සමහර වෙලාවන් වලට පාරේ වාහනයක් එහෙම හප්පා ගත්තම අනිත් මිනිස්සුන්ට තියන ඇතිවෙන ප්‍රශ්නෙ තමා මෙච්චර ඉඩ තියන පාරක මේක කොහොමද වද්දගත්තේ කියන එක..සමහර වෙලාවල් වලට ගොඩක් ඉඩ තියෙන තැනක තියෙන අලි සයිස් කනුවක වාහන රිවර්ස් කරන්න ගිහින් වද්ද ගන්නවා..ඇයි නෝනා
මෙච්චර ඉඩ තියෙද්දි වද්ද ගත්තේ කියල ඇහුවම හුඟක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ "හානේ...මා දැක්කේ නැහැ නේ..." කියන එක...On the Spot කට්ටියට එහෙම මොලේ අමාරු හැදෙනවා ඇති වෙලාවකට...



හැබැයි ඔය ගැහැනු කෙනාම මහත්තයා ගෙදර ගිහින් ආවම සර්ට් එකේ ඇමිනිලා තියන දිග කෙස් ගහක් අඩි 10ක් 12ක් දුර තියා උනත් ලේසියෙන් දකිනවා...කාගෙද මේක???කොහෙන්ද මේක???හොමද ඔයාගේ සර්ට් එකේ ඇමිනුනේ??..........................

අම්මා/බිරිඳ : මේ..ෆ්‍රිජ් එකේ බටර් එකක් ඇති පොඩ්ඩක් අරං දෙන්න පුලුවන්ද?

පුතා/සැමියා: කෝ නෑ නේ??

අම්මා/බිරිඳ : බලන්න කෝ පොඩ්ඩක්...මං දැන් ටිකකට කලින් නේ තිබ්බේ!
පුතා/සැමියා: මං දන්නේ නෑ..මෙතන නෑ!තිබ්බ නම් ඇවිත් අරගන්න..

(ඇය පැමිනේ..අත දමා මැජික් එකක මෙන් බටර් එක අරං පෙන්වයි..)

අම්මා/බිරිඳ : මේ තියෙන්නේ...තමුසෙට ඇස් පේන්නේ නැද්ද...??
සැමියා/පුතා : +*&#%$@*^%@*

ඇත්තටම මොකද මෙතනදි උනේ...?

අපි දැන් විද්‍යාත්මකව පොඩ්ඩක් මේ ගැන බලමු...

                     අපේ පරිණාමය එක්ක මුසු වෙච්ච ක්‍රියා කරකම් නිසා අපේ බොහෝ ඉන්ද්‍රීයන් ඒ අනුව හැඩ ගැහුනා..අතීතයේ පිරිමියා සතු කාර්‍යභාරය උනේ දඩයම් කිරීම..ගැහැනියක් නම් තම ගුහාවට වී තම ළමයින් රැක බලා ගැනීම..දඩයම් කිරීමට යන පිරිමියාට බොහෝවෙලා දුර බලා සිටීමට සිදු උනා..ඒ නිසා ඒ සඳහා ඕන කරන විදියට ඔහුගේ ඇස් හැඩ ගැහුනා..අදටත් පිරිමියාගේ දෘෂ්ථි පරාසය බොහෝ විට උමගක් ලෙස ඈතට දකින ස්වභාවයක් තියනවා..

                       ගැහැනිය ගුහාව තුල සිටින විට අනතුරු උපද්‍රව හා අන්තරුදායක සතුන් ගුහාව තුලට ඇතුල්විය හැකි නිසා ඇයට නිරන්තරයෙන්ම ලඟ නමුත් පුලුල් පරාසයක් තුල දේවල් බලන්නට සිදු උනා...මේ නිසා අදටත් පිරිමියෙක්ට සාපේක්ෂව ලඟ තිබෙන පුලුල් පරාසයක දේවල් ගැහැනියකට පේනවා..පිරිමියෙක්ට ඔලුව හරවලා බලන්න ඕන දේවල් ගැහැනියකට සමහර අවස්‍ථාවල ඔලුව හරවන්නේ නැතුවම බලන්න පුලුවන්...
මේක තමයි ගැහැනියකට ලඟ ඇති දේ හොදින් පෙනීම ගැන පැහැදිලි කිරීම..

                    කාලය අවකාශය හා දුර ( බිත්තියක් හා වාහනය අතර දුර) තීරණය කරන්නේ මොළයේ දකුනු අර්ධය මගින්..මේක සාමාන්‍යයෙන් ගැහැනියකට වඩා පිරිමියෙකුගේ පරිණාමිකව දියුනුයි..ඒ කියන්නේ ගැහැනියකගේ මේ කොටස එතරම් දියුනු නෑ!
මේකත් දඩයම හා සම්බන්ධයි..ගොදුර සිටින්නේ කොච්චර දුරකින්ද,ඌ දුවන්නේ කොච්චර වේගෙකින්ද,මොනා ආයුධය කොයිවගේ කෝනයකින් විසි කරන්න ඕනද ආදී ප්‍රයෝගික ප්‍රශ්න වලට උත්තර හොයලා දියුණූ කරගත්තු දෙයක්..
මේ හේතූන් නිසා තමයි වාහන එහෙම රිවර්ස් කරන්න යද්දි ගැහැනු වැඩිපුර ඇන ගන්නේ

                                                                                                   www.hamadeyakma.com

No comments:

Post a Comment

PC Tricks (24) Entertainment (23) Softwares (21) Funny (15) Games (8) Facebook (7) News (7) Android (5)